ඔබව සාදරයෙන් පිළිගන්නවා
දුක් විඳින ජනතාවගේ සිහිනය යථාර්ථයක්ම උදෙසා කැපවෙමු.
ඔබ මා කෙරෙහි තබන විශ්වාසය කිසිදු ආකාරයකින් කන්ඩණය නොවීමට මා වග බලා ගනිමි.
“සැමට ජයක් ගමට හෙටක්”
ඔබව සාදරයෙන් පිළිගන්නවා
දුක් විඳින ජනතාවගේ සිහිනය යථාර්ථයක්ම උදෙසා කැපවෙමු.
ඔබ මා කෙරෙහි තබන විශ්වාසය කිසිදු ආකාරයකින් කන්ඩණය නොවීමට මා වග බලා ගනිමි.
“සැමට ජයක් ගමට හෙටක්”
“මිහිතලය අයිති මිනිසාට පමණකි”
ඔබේ කාලයත්, රටේ මුදලුත් අනාගතයත් වෙනුවෙන්!
දේශපාලන බලපෑම්වලින් තොර, විනිවිදභාවයෙන් සහ නව තාක්ෂණයෙන් ගම දියුණු කරන නව මාවතකට අප එක් වෙමු. මෙය තනතුරු හෝ පක්ෂ දේශපාලනය ගැන නොවේ; මෙය ගමට සහ රටට අවංකව සේවය කිරීම ගැනයි.
සියලු ජනතාව සමඟ සුහදව කටයුතු කරමින් , පක්ෂ පාට බේදයකින් තොරව ඔබට ලැබිය යුතු සියලු දේ ලබා දීමට කටයුතු කරමු.
දුප්පතුන්ගේ අයිතිය තහවුරු කිරීම: අනිසි දේශපාලන පළිගැනීම් සහ හිරිහැරවලින් ග්‍රාමීය ප්‍රජාව ආරක්ෂා කර, සැමට එක ලෙස වැඩ කිරීමට සුදුසු පරිසරයක් ලබාදීම.
සුදුස්සාට සුදුසු තැන: හැකියාව ඇති තරුණ, උගත් පුද්ගලයන්ට සහ ප්‍රවීණයන්ට ගමේ දියුණුවට දායක වීමට අවස්ථාව සැලසීම.
විධිමත් සේවා: දේශපාලඥයන් පස්සේ ගොස් වැඩ කරවා ගැනීම වෙනුවට, විධිමත් හා පහසු ක්‍රමවේදයක් සකස් කිරීම.
ආගමික සහ පවුල් දේශපාලනයෙන් තොරවීම: ආගමික නායකයින් සහ පවුලේ සාමාජිකයින් දේශපාලන කටයුතුවලට සහභාගී කර නොගැනීම.
දූෂණයට තිත තබා , ඔබගේ වටිනා කාලය ඉතිරි කරමින් නව තාක්ෂණයෙන් ගම දියුණු කරමු.
විනිවිදභාවය ඔබගේ අතට: ගමට ලැබෙන ප්‍රතිපාදන, වියදම් වූ මුදල් සහ ව්‍යාපෘති පිළිබඳ සියලු තොරතුරු ඔබට අන්තර්ජාලය ඔස්සේ (Mobile App & Website) නිවසේ සිටම බැලීමට හැකි පද්ධතියක් සකස් කිරීම.
කාලය ඉතිරි කිරීමේ සේවා: නව තාක්ෂණය භාවිතයෙන් කටයුතු පහසු කිරීම සහ සන්නිවේදන කටයුතු සිදු කිරීම (Mobile App, Website Notification, SMS).
ගැටළු වලට කඩිනම් විසඳුම්: පවතින ගැටළු සඳහා හැකි තාක් ඉක්මනින් විසඳුම් ලබා දීම.
මහජන මුදල් අවභාවිතය සිදු නොවීමට වග බලා ගනිමු.
දූෂණ විරෝධී පියවර: පොදු වැඩ කටයුතුවල සිදුවන දූෂණ, වංචා සහ නාස්තිය දැනුවත් කිරීම සඳහා රහස්‍යභාවය ආරක්ෂා කරන දුරකථන අංකයක් ස්ථාපිත කිරීම.
නෛතික පියවර: ගමට ලැබෙන ප්‍රතිපාදන නිවැරදි ලෙස යොදාගෙන සංවර්ධනය කර නොමැති නම්, ඊට සම්බන්ධ පුද්ගලයින්ට සහ නිලධාරීන්ට කිසිදු පක්ෂයක් නොගෙන නීතිමය කටයුතු සිදු කිරීම.
රාජ්‍ය සේවයේ නිදහස: රාජ්‍ය සේවකයන්ට දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව, උපරිම ඵලදායිතාවයකින් කටයුතු කිරීමට ඉඩ සැලසීම.
සමිති සමාගම්වල ස්වාධීනත්වය: සමිති සමාගම් දේශපාලන තන්ත්රයෙන් තොරව ස්වාධීනව කටයුතු කිරීමට සැලැස්වීම.
තරුණ උගත් පුද්ගලයන්ගේ සහ නව තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන ගමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම.
ගුණාත්මක සංවර්ධනය: ගමට ලැබෙන ප්‍රතිපාදන නිවැරදි ලෙස යොදාගෙන සංවර්ධනය කිරීම සහ දුර්වල ව්‍යාපෘති කඩිනමින් ගුණාත්මක තත්ත්වයට ගොඩනැගීම.
අධ්‍යාපනය සහ දැනුම: අධ්‍යාපනික අවස්ථා සීමාවකින් තොරව සැලැසීම සහ මගපෙන්වීම. නව දැනුම හා යෝජනා ගමට ගෙන ඒම.
වැඩමුළු මාලා: තරුණ උගත් පුද්ගලයන්, විශ්‍රාමික කෘෂි නිලධාරීන් සහ අනෙකුත් ක්ෂේත්රවල විශේෂඥයන් එක් කොට ගමේ වැඩමුළු සංවිධානය කිරීම.
ග්‍රාමීය සුරක්ෂිතභාවය: ග්‍රාමීය සියලු දෙනාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම.
“අපි එක්ව දේශපාලනඥයෙකුගේ සහ නායකයෙකුගේ භූමිකාව පමණක් ඉටු කරමින් නව දේශපාලන සංස්කෘතියක් ගමට ගෙන එමු.” - ලහිරු ලක්ෂාන්
ඔබගේ අදහස් සහ යෝජනා දැනුම් දීමට ආරක්ෂිත ක්‍රමවේදයක් සහ එහි රහස්‍යභාවයන් රැකීමටත් කටයුතු කරන බවට මම ප්‍රතිඥා දෙමි.
ගැමි ජනතාවගේ දහදියට වටිනාකමක් දෙන, සාධාරණත්වයේ සහ විනිවිදභාවයේ දැක්ම
හිතවත් අපේ ගම්වැසියනි,
අපේ ජීවිතවලට කඳුළු ගෙන දුන්, අපේ සිහින සොරකම් කළ දේශපාලන යුගයක් අවසන් කිරීමට කාලය පැමිණ ඇත. අව් වැසි මැද දහදිය හෙළා, ජීවිතය ගොඩනගා ගැනීමට වෙර දරන දුප්පත් මිනිසාගේ වේදනාව අප දන්නවා. ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය දේශපාලන පලිගැනීම්වලින් තොර, සාධාරණ සමාජයක් තුළ දැකීම අපේ එකම අරමුණයි.
ප්‍රතිපාදන නිසි පරිදි නොලැබීම, මුදල් අවභාවිතය සහ පක්ෂ පාට බේද නිසා ගමේ දියුණුව කොතෙක් දුරට ඇනහිට තිබේදැයි අපි අත්දැකීමෙන් දනිමු. එම අසාධාරණයට තිත තබා, ඔබ ඉල්ලූ, ඔබ වෙනුවෙන් ගොඩනැගෙන ඉදිරි දැක්ම මෙන්න!
අපගේ ප්‍රමුඛතම පොරොන්දුව වන්නේ, දේශපාලන බලපෑම්වලින් තොර වූ පාලන ව්‍යුහයකි.
දේශපාලනයෙන් තොර සමිති සමාගම්: ග්‍රාමීය සමිති, සමුපකාර සහ අනෙකුත් සමාගම් දේශපාලන බලපෑම්වලින් මුළුමනින්ම මුදා හැර ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සැලසීම.
රාජ්‍ය සේවකයාගේ නිදහස: රාජ්‍ය සේවකයන්ට කිසිදු බලපෑමකින් තොරව, වෘත්තීයමය වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමට සුදුසු පරිසරය නිර්මාණය කිරීම.
සියල්ලන්ටම එකසේ සැලකීම: කිසිදු පක්ෂ පාට, කුල බේදයකින් තොරව ගමේ සියලුම ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කිරීම.
පලිගැනීම්වලට තිත: ග්‍රාමීය ප්‍රජාවට එල්ල වන අනිසි දේශපාලන පළිගැනීම් සහ හිරිහැරවලට එරෙහිව දැඩිව පෙනී සිටිමින්, සැමට සමාන අවස්ථා ලබා දෙන පරිසරයක් ස්ථාපිත කිරීම.
මහජන මුදල් යනු පූජනීය වස්තුවකි. එහි අවභාවිතයට මෙතැන් සිට කිසිදු ඉඩක් නැත. අපේ සටන දූෂණයට එරෙහිවයි.
අක්රමිකතාවලට තහනම: රජයේ සේවකයින්ට හෝ දේශපාලඥයින්ට රජයේ මුදල් හෝ ව්‍යාපෘති අවභාවිත කරමින් අක්‍රමිකතා සිදුකිරීමට නැවත ඉඩ නොදීම.
තොරතුරු දැනගැනීමේ අයිතිය: ගමට ලැබෙන සියලුම ප්‍රතිපාදන, ඒවා ලැබුණු ආකාරය, යෙදවූ මුදල් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක වූ ආකාරය අන්තර්ජාලය ඔස්සේ සියලු දෙනාට දැනගත හැකි පරිදි විනිවිදභාවය සහතික කිරීම. (පැරණි ව්‍යාපෘති වාර්තා පවා විවෘත කිරීම.)
නීතිය සැමට පොදුයි: ප්‍රතිපාදන නිවැරදි ලෙස යොදාගෙන සංවර්ධන කටයුතු සිදු කර නොමැති නම්, ඊට සම්බන්ධ පුද්ගලයින්ට හා නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම. කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයෙකුට විශේෂත්වයක් නොදක්වමින් අපක්ෂපාතීව කටයුතු කිරීම.
ව්‍යාපෘති ලබාදීමට බලපෑම් කිරීම නවතාලීම.
මිනිසුන්ගේ වටිනා කාලය නාස්ති නොවන, ඉක්මන් සේවාවක් ලබාදෙන නවීන පාලනයක්.
තාක්ෂණය ඔස්සේ පහසුව: කාර්යයන් පහසු කිරීමට සහ සන්නිවේදනය කඩිනම් කිරීමට ජංගම යෙදුම් (Mobile App) සහ වෙබ් අඩවි භාවිතා කිරීම.
කාලය ඉතිරි කිරීම: දැනුම්දීම් සහ SMS මගින් සන්නිවේදන කටයුතු සිදු කරමින්, ගැමි ජනතාවගේ වටිනා කාලය කාර්යාලවල නාස්ති වීම නැවතීම.
කඩිනම් විසඳුම්: ගම තුළ පවතින ගැටළු හඳුනාගෙන, හැකි ඉක්මනින් ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කිරීම.
දුර්වල ව්‍යාපෘති ශක්තිමත් කිරීම: ගම තුළ පවතින දුර්වල හෝ අඩාල වූ ව්‍යාපෘති කඩිනමින්, ගුණාත්මක සේවාවක් ලැබෙන ආකාරයට යළි ගොඩනැගීම.
පවුල් දේශපාලනයෙන් තොරයි: පවුලේ සාමාජිකයින් දේශපාලන කටයුතු සඳහා සහභාගී කර නොගනිමින්, නිවැරදි තීරණ ගැනීමට කටයුතු කිරීම.
සමාන අයිතිවාසිකම්: අන් සියලුම ගම්මානවලට ලැබෙන සියලුම ප්රතිලාභ, පහසුකම් සහ අවස්ථා අපේ ගම්වාසී සියලු දෙනාටම ලැබීම තහවුරු කිරීම.
අපේ කැපවීම:
අප මෙම ප්‍රතිපත්ති මාලාව තුළින් පොරොන්දු වන්නේ හුදෙක් වචන නොව, අපගේ ගමට නැවත ආඩම්බරයෙන් හිස ඔසවා නැගී සිටීමට හැකි අනාගතයක්! අපි එකට එක්වී, සාධාරණත්වය රජයන, දූෂණයෙන් තොර, සෑම දුප්පත් මිනිසෙකුගේම හඬට සවන් දෙන ගමක් නිර්මාණය කරමු!
“සැමට ජයක් ගමට හෙටක්”
මාගේ ඉදිරි දැක්ම.