ලහිරු ලක්ෂාන් වන මා මෙවර ප්රාදේශීිය සභා මැතිවරණයට අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට තීිරණය කලෙමි.
අධ්‍යාපන සුදුසුකම්.
ජීව විද්‍යා විෂය සහ තාක්ෂණවේදය යන විෂය ධාරාවන් හදාරා තිබීම.
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව සහ උපදේශන ගෞරව උපාධියත්, ශී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සයිබර් ආරක්ෂක ගෞරව උපාධියත් හදාරමින් උපාධි අපේක්ෂකයෙක් ලෙස ඉගෙන ගැනීිම.
ඊට අමතරව AAT/Chartered Accountants යන ගිනුම්කරණ පාඨමාලා හදාරා තිබීම.
වෘත්තීමය සුදුසුකම්.
අලෙවිකරණය පිලිබද ආයතන වන POWER HANDS PLANTATON (PVT)LTD සහ LOLC Assurance යන ආයතන වල පුහුණුවීම් සිදුකර ඇත.
BOGAWANTALAWA TEA ESTATE PLC ආයතනයට අයත් ඉලුක්තැන්න තේ කර්මන්ත ශාලාවේ පුහුණවීම් කර ඇත.
සමාජ සේවා කටයුතු.
සුරකිමු ලංකා ප්‍රජා පොලිස් කමිටුවේ සාමාජිකයකු වීම.
පැපරල් සංවිධානයේ මැතිවරණ නිරීක්ෂකයකු ලෙස කටයුතු කර තිබීම.
යෞවන සමාජයේ සාමාජිකයෙකු ලෙස පොදු කටයුතු සදහා සහභාගි වී තිබීම.
ගමේ තිබූු බොහෝ අවදානාත්මක පොදු කටයුතු සදහා ස්වෙච්ඡාවෙන් දායක වී තිබීම.
පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව සියලු දෙනා සමග සුහදව කටයුතු කරමින් සැමට උදව්කර තිබිම.
මම මේ දේශපාලනයේ සැමදා සිටීමට බලාපොරොත්තුවක් නැත. මේ මොහොතේ උදා වී ඇති අවස්ථාවේ ගමට සේවයක් කල හැකි විශ්වාසයක් සහිත පුද්ගලයෙක් නොමැත. මම මගේ අධ්‍යාපන කටයුතු කර ගනිමින් ඒ ඔස්සේ ඉහලට ගමන් කිරීම මගේ අරමුණයි. මා අධ්‍යාපන කටයුතු කර ගනිමින් ඔබ සියලු දෙනාට මට හැකි උපරිම වීරියෙන් සේවය කර තරුණ ප්‍රජාවට, වැඩිහිටි ප්‍රජාවට උපරිම සාධාරණයක් කිරීම මගේ බලාපොරොත්තුවයි. මම මේ දේශපාලනයෙන් කිසිම දෙයක් ගෙදරට හෝ මගේ සංවර්ධනයට යොදා නොගන්නා බවත්, එසේම ගෙදරින් කිසිම දෙයක් දේශපාලනයට නොගෙන එන බව ඉතාමත් සතුටින් කියමි. එසේ සිදුවීමක් සිදුවුවහොත් ඔබ සියලු දෙනාට ඊට විරුද්ධව කටයුතු කල හැකිය.
මා හට අවශ්‍ය සැමදේම මා සතුව අපේ පවුල සතුව පවතී. මගේ බලපොරොත්තුව ඔබ මා කුඩ කල සිට ලද අමිහිරි කටුක අත්දැකිම් අපේ ඉදිරි පරම්පරාවට ලබා නොදී ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සැමදෙනාට සම අයිතිවාසිකම් ඇතිව ජීවත් වීම තහවුරු කිරීමයි. පොදු ගැටලුවලදී ගත යුතු සෘජු තීිරණ ගනිමින් කිසිම අවස්ථාවක ප්‍රශ්නවලින් පැන නොයා සියලු දෙනාගේ අදහස්, උපදෙස් ලබා ගෙන අත්තනෝමතික ලෙස තීිරණ නොගෙන කටයුතු කර දුෂණය, වංචාව, නාස්තිය සම්පූර්ණයෙන් නැතිකර ඉදිරි වසර කිහිපය තුල අපේ අනාගත පරම්පරාවට කිසිදු ආකාරයේ පීිඩාවක් ඇති නොවන ලෙස ජීවත් විය හැකි ලස්සන සොදුරු ජීවන වටපිටවක් නිර්මණය කිරීමයි.
දූෂණය, වංචාව නැති මහජන මුදල් අවභාවිතා කල නිලදාරින්ගේ වැරදි පිලිබදව පිලිබද සොයා බලා අවෂය කටයුතු ක්‍රියත්මක කිරීමටත් බලාපොරොත්තු වෙමි. කිසියම් පුද්ගලයෙක්, කණ්ඩායමක් ඉලක්ක නොකර පොදු කටයුතු ඉක්මනින් ක්‍රියාත්මක කිරිමටත්, සෑම පුද්ගලයෙක්ට එක ලෙස සලකා පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව සැමටම ආධාර බෙදීයන, නීිතිය, විනය සපිරි සුන්දර බොරලන්කඩ වසමක් නිර්මණය කිරිම මගේ අරමුණයි.
මෙතෙක් සිටි ඇතැමි දේශපාලක්නයින් කරේ තමන්ගේ වෘත්තිය ලෙස දේශපාලනය කිරීමත් තම පවුල්වල හිතවතුන්ට පමණක් සංවර්ධන කටයුතු කරමින් සැප විදි ජීවිතයකි. දුෂණය, වංචාව, නාස්තිය දේශපාලක්නයින්, රාජ්‍ය නිලධාරින් සමග එකතු වී උපරිම ඔවුන් සංවර්ධනය වූ බව අපි සැවොම කතා වන කරුණකි. දේශපාලන තීින්දු තීිරණ ගැනීිමේදී ඔවුන්ගේ හිතවත් පුද්ගලයින්ගේ සුභ සිද්දිය පමණක් සලකා බැලුවේය. චන්දය ලං වීමෙදී පමනක් පාරක් හදන්න, ආධාර බෙදන්න ගන්නවා. එයින් ජනතාව මුලා කර ඔවුන් සුර සැප විදියි. පොදුවේ මිනිසුන්ගේ ගැටලු සාකච්ඡා නොකර ජීවන පැවැත්ම පමණක් හීින් නූලෙන් සකසා ගත් පැරණි දේශපාලන සංස්කෘතියක් අවසාන වී ඇත. මේ පැරණි දේශපාලකයින්ගේ නොමනා ක්‍රියා නිසා අපිට බොහෝ දේ අහිමි විය. නැවත අප පක්ෂ, පාට, ජාති, කුල භේදයකින් තොරව අපේ ගමේ හෙට දවසේ අනාගතය සකසා ගත යුතුය.
ඔබ සැම හොදින් දන්නා මා කිසිදු දේශපලන පක්ෂයකට හිතවත්ව තීිරණ ගෙන නොමැත. සෑම අවස්ථාවකදීම මධ්‍යස්ථව තීරණ ගෙන කටයුතු කළ අයෙකි. මගේ අදහස් සහ ප්‍රතිපත්තිවලට ඔබලා කැමති නම් ඔබගේ අනගත බලාපො රොත්තු ඉටුවේ යැයි විශ්වාසයක් ඔබ තුල පවතී නම් මා හට සහයෝගය ලබා දෙන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. ඔබ මා කෙරෙහි තබන විශ්වාසය කිසිදු ආකාරයකින් කන්ඩණය නොවීමට මා වග බලා ගනිමි.
ස්තූතියි.
lahiruboralankada@gmail.com
0757217730
0757217730
W . LAHIRU LAKSHAN
BORALANKADA ,
DEHIOWITA.
Telegram : 0757217730
WhatsApp : 0757217730
Gmail : lahiruboralankada@gmail.com
දුක් විඳින ජනතාවගේ සිහිනය යථාර්ථයක්ම උදෙසා කැපවෙමු.
ඔබ මා කෙරෙහි තබන විශ්වාසය කිසිදු ආකාරයකින් කන්ඩණය නොවීමට මා වග බලා ගනිමි.