“සැමට ජයක් ගමට හෙටක්”
මාගේ ඉදිරි දැක්ම.
v. සමිති සමාගම් දේශපාලන තන්ත්රයෙන් තොරව ස්වධීනව කටයුතු කිරීමට සැලසීම.
v. රාජ්‍ය සේවකයන්ට බලපෑම්වලින් තොරව ස්වධීනව කටයුතු කිරීමට ඉඩ සැලසීම.
v . සියලූම ජනතාව සමඟ සුහදj කටයුතු කරමින් පක්ෂ පාට බේදයකින් තොරව ලැබිය යුතු දේවල් ලබා දීමට කටයුතු කිරීම.
v . අනිසි ලෙස ග්‍රාමීය ප්‍රජාවට සිදුවන දේශපාලන පළිගැනීම්, හිරිහැරවලට විරුද්ධව ඉදිරිපත්වි සැමට එක ලෙස වැඩ කිරීමට සුදුසු පරිසරයක් ලබාදීම.
v. රාජ්‍ය ආයතන සමඟ කටයුතු කර ග්‍රාමීය දියුණුවට අවශ්‍ය සියලු පහසුකම් නොඅඩුවකින් තොරව ලබාදීමට කටයුතු කිරීම.
v . යළිත් ගම තුළ දේශපාලඥයින් හට රජයේ සේවකයින්ට රජයේ මුදල් ව්‍යාපෘති ලෙස ලබාගෙන අක්‍රමිකතා සිදුකිරීමට ඉඩ නොතැබීම.
v. ව්‍යාපෘති ලබාදීම සඳහා පුද්ගලයින්ට බලපෑම් නොකිරීම.
v. ගමට ලැබෙන ප්‍රතිපාදන නිවැරදි ලෙස යොදාගෙන සංවර්ධනය කර නොමැති නම් එම පුද්ගලයින්ට හා එයට සම්බන්ධ නිලධාරීන්ට නීතිමය කටයුතු සිදුකිරීම හා කිසිදු පක්ෂයක් නොගෙන කටයුතු කිරීම.
v. නව තාක්ෂණය භාවිතා කරමින් කටයුතු පහසු කිරීම. (Mobile App & Website)
v. මිනිසුන්ගේ වටිනා කාලය නාස්ති වීම නැවතීම සඳහා නව තාක්ෂණයෙන් සන්නිවේදන කටයුතු සිදු කිරීම. (Mobile App & Website Notification & Sms)
v. පවුලේ සාමාජිකයින් දේශපාලන කටයුතු සඳහා සහභාගී කර නොගැනීම.
v. පවතින්නාවූ ගැටළු සඳහා හැකි තාක් ඉක්මනින් විසදුම් ලබා ගැනීමට කටයුතු කිරීම.
v. ගමට ලැබෙන ප්‍රතිපාදන, ලැබෙන ආකාරය, සිදුවූ ආකාරය, යෙදවූ මුදල් ,එම මුදල් යොදා ඇති ආකාරය සෑම දෙනාටම දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ ගමට ලැබෙන සියලු දේ ඔබට දැනගත හැකි ආකාරයට විනිවිද භාවයක් ඇති කිරීම.
v. ගම තුළ පවතින දුර්වල ව්‍යාපෘති කඩිනමින් ගුණාත්මක සේවයක් සිදුවන ආකාරයට ගොඩනැගීම.
v. මහජන මුදල් අවභාවිතය මින් ඉදිරියට සිදු නොවීමට වගබලා ගැනීම.
v. කලින් සිදුවූ සියලු ව්‍යාපෘති ගැන හා රජයෙන් ,සමිති සමාගම්වලින් ලැබූ ව්‍යාපෘති ක්‍රියාත්මක වූ ආකාරය හා ඒවාට මුදල් යොදා ඇති ආකාරය සියලු දෙනාට දැනගැනීමට සැලැස්වීම.
v. අන් සියලුම ගම්මාන වලට ලැබෙන සියලු දේ අපේ ගම්වාසී සියලු දෙනාටම ලැබීම තහවුරු කිරීම.
v. ආකල්පuය වශයෙන් ව්‍යවසායක මනසක් ඇති කිරීමට කටයුතු කිරීම.
v. ආගමික ස්ථානවල දේශපාලන කටයුතු වල නියැළීමෙන් වැළකීම. (අනුශාසන කටයුතු පමණි)
v. සියලූම ආගමික නායකයින් දේශපාලන කටයුතු සඳහා සහභාගිකර නොගැනීම.
v. රාජ්‍ය සේවකයින්ගේ සේවය උපරිම ඵලදායිතාවයක් ඇතිවන ලෙස සියල්ල කාර්යක්ෂම කිරීමට උත්සාහ කිරීම.
v. නව තාක්ෂණය මගින් සියලු දෙනා දැනුවත් කිරීම.
v. සියලු මිනිසුන්ගේ වටිනා කාලය නාස්ති කරන කටයුතු සඳහා ආරාධනා නොකිරීම.
v. සෑම පුද්ගලයෙකුටම ලැබිය යුතු අයිතීන් ලබාදීම සඳහා කටයුතු කිරීම.
v. සුදුස්සාට සුදුසු තැනක් ලැබෙන ස්ථානය තහවුරු කිරීම.
v. පොදු වැඩ කටයුතු සඳහා උපරිම සහයෝගය ලබාදීම.
v. පොදු වැඩ කටයුතු තුළ සිදුවන දූෂණ, වංචා සහ නාස්තිය දැනුවත් කිරීම සඳහා දුරකථන අංකයක් ස්ථාපිත කිරීම හා තොරතුරු ලබාදෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම.
v. නව තාක්ෂණය සමග සම්බන්ධ කr ගමට ලැබෙන සියලු සංවර්ධයන් ඔබට නිවසේ සිට බැලීමේ හැකියාව සලසා දෙන තාක්ෂණික පද්ධතියක් සැකසීම. (Android App & Website)
v. සංවර්ධන කටයුතුවල නිවැරදි ලෙස සිදුකිරීම් නිරීක්ෂණය කිරීම හා අදාළ අවශ්‍ය කටයුතු කළහැකි තාක්ෂණික නිලධාරීන් පත් කිරීම.
v. අධ්‍යාපනික අවස්ථා සීමාවකින් තොරව සැලැසීම සහ මගපෙන්වීම.
v. නව ප්රයෝජනවත්දෙ යෝජනා කිරීම සහ තරුණයකු ලෙස ලබාගත් දැනුම මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවීම.
v. තරුණ උගත් පුද්ගලයන්, රාජ්‍ය සේවයේ සිට විශ්‍රාම ගිය කෘෂි නිලධාරීන් හා අනෙකුත් ක්ෂේත්රවල විශේෂඥයන් එක් කොට ගමේ වැඩමුළු සංවිධානය කිරීම.
v. නව තාරුණ්‍යය පෙරමුණු කරගත් විවිධ වැදගත් වැඩසටහන් සිදු කිරීමට කටයුතු කිරීම .
v. දේශපාලකයින් පසුපස ගොස් වැඩ කරවා ගැනීම වෙනුවට විධිමත් පහසු ක්‍රමවේදයක් සැකසීම.
v. ඔබ සියලු දෙනාගේ අදහස් , යෝජනා දැනුම් දීමට ආරක්ෂිත ක්‍රමවේදයක් සහ එහි රහස්‍යභාවයන් රැකීමටත් කටයුතු කිරීම.
v . දේශපාලනයකුගේ හා නායකයකුගේ භූමිකාව පමණක් ඉටු කිරීම සහ අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදු නොකිරීම.
v. සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කටයුතු කිරීම.
v. සියලු තරුණ, තරුණියන්ගේ නායකත්වය පෙරමුණු කරගත් ග්‍රාමීය දියුණුවක් ඇති කිරීම.
v. ග්‍රාමීය සියලු දෙනාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම.
“සැමට ජයක් ගමට හෙටක්.”